විනාඩි 1න් cake



විනාඩි 1න් cake එකක් හදන්න පුලුවන් නම්කොහොමද.....????? ඔයාලට මම අද කියන්න යන්නෙ විනඩි 1  cake එකක් හදන ක්‍රමය..

මෙ cake එකට ඔන  කරන්නේ ...
1 )Microwave Oven එකක්
2)සීනි මේස හැඳි 2
3)ලොකු බිත්තර 1
4)කිරි මේස හැඳි 2
5)Baking Powder සමග හලාගත් පිටි මේස හැඳි 2 
6)දිය කරගත් බටර් මේස හැඳි 2
7)වැනිලා 
8)ලුනු ස්වල්පයක්



මුලින්ම කරන්න ඔනේ බටර් සීනිත් එක්ක හොඳට කලවම් කරගන්න එක.  (මේක වීදුරු mug එකකම කලත් කමක් නෑ.)


ඊ ලගට බිත්තරයත් ඒකටම එකතු කරගන්න.
හදා ගත්ත කිරිපිටි ටිකත් එකට එකතු කරන්න.
මේ ටික හොඳට mix කලාට පස්සෙ පිටි, ලුනු ටිකක් සහ වැනිලා එකතුකර ගන්න.
මේ ටික ඔක්කොම කැටි නැතිව cream එකක් වගේ තියෙන්න ඕනෙ.




රසයි පෙනුමයි වැඩි කරගන්න ඔනෙ නම් කජු, වියලි මිදි, coloring, essences මේ cake එකට එකතු කර ගන්න පුලුවන්.
දැන් මේ mug එක හරියටම විනාඩියක් microwave එකේ bake කර ගන්න.දැන් ඔයාගෙ cake එකේ රස බලන්න ඔයාට පුලුවන්.
රස බැලුවට විතරක් මදි, අපිට comments කියන්නත් අමතක කරන්න එපා.

Yogurt Pudding කමුද...


හැමදාම කෑම කෑවට හැමදාම හදන කෑම මගෙ මේ බ්ලොග් එකට දාන්න වෙන්නෙ නෑ...අද මම ඔයාලට කියන්න යන කෑම වට්ටෝරුව මට දැන ගන්න ලැබුනේ මම බස් එකේ නාරාහේන්පිට ඉඳන් පිටකොටුවට යන අතරතුර දී...
බස් එකේ  අත කකුල මාරු වෙලා යන ඒ වෙලාවේ මට බස් එකේ දාල තිබුනු රේඩියෝ නාලිකාවෙ කියන දෙවල් ගැන අවධානය දෙන්න හිතුනේ බොහොම කලාතුරකින් අහන්නට ලැබෙන ගීත කිපයක්ම මට අහන්න ලැබුන නිසා ,මම හිතන්නෙ ඒ වෙලාවෙ දාල තිබුනෙ ශ්‍රී ලංකා ගුවන් විදුලිය වෙන්න ඔනේ..!!!!!      


 මට ඇහුනු විදිහට අවශ්‍ය  ද්‍රව්‍ය උනෙ මේවායි...

1) ටින් කිරි පොඩි ටින්  1

2) ජෙලි පැකට් 1 (100 g)

3) යෝගට්  2

4) වැනිලා තේ හැදි 1/2

මේ පුඩින් එක හදන්න නම් මාර ලේසියි ,මුලින්ම කරන්න ඕනෙ ජෙලි පැකට් එක හදාගන්න ..හරි මම එකත් හදා ගන්න විදිහ කියන්නම්කෝ..

වතුර පිරිසි කොප්ප 2  1/4 (දෙකයි කාලක්) හොදින් නටවා ගන්න,ඊට පස්සේ ඒ වතුරට ජෙලි පැකට් එකේ තියෙන කුඩු මිශ්‍රණය එකතු කරගෙන හොඳට දිය කරගන්න .ඊට පස්සෙ ඒ මිශ්‍රණය හොදින් නිවෙන්න හරින්න ..
                           ඊලගට තියෙන්නේ පුඩින් එක හදාගන්න එකයි... ඉතුරු ටික කරන්න Blender එකක් පාවිච්චි කරනවනම් හොඳයි ....

දැන් ඉතින් කරන්න තියෙන්නේ අපි දිය කරගත්ත ජෙලි
එකට ටින් කිරි ටින් එක එකතු කරල කවලම් කරගන්න .
ඊට පස්සේ ඒ මිශ්‍රණය Blender එකට දාන්න.ඊලඟට අපි ගත්ත යෝගට් කෝප්ප 2 ත් එකතු කරගන්න ..දැන් ඒ මිශ්‍රණය හොදින්  Blend කරගන්න..පෙන නගින තුරු විනාඩි 5ක් පමන blend කරගන්න ..Blend කරගන්න අතරතුර වැනිල ටිකත් මිශ්‍රකරගන්න ...දැන් ඊළඟට කරන්න තියෙන්නෙ අවසන් පියවර....දැන් අපි හදාගත්තු මිශ්‍රනය bowl එකකට දාලා set වෙනකන්  ශිතකරණයේ තියන්න...





මම මේ pudding එක හදලා බැලුවා හරිම රසයි ..ඔයාලත් හදලා බලන්න ..හොඳ නරක මට කියන්න ...


                                  

එළවළු රොටි කමුද ?????



අද මම ඔයාලට කියන්න යන්නෙ ගෙදර දිම එළවළු රොටි හදාගන්න විදිහ..ලොකු අමරුවක් නැ..
මෙ කැම හදාගන්න අවශ්ය ද්රව්ය ටිකක් ඔනේ ...

එවා තමයි....


            1.පාන් පිටි      500g
            2.බිත්තර          2
            3.තෙල්/මාගරින්          100g
            4.ලුනු තේ හැන්දක්.
            5.ice වතුර

මේ කලමනා ටික තමයි පිටි මිශ්රණය හදාගන්න ඔනෙ කරන්නේ.
ට පස්සේ බලමු එළවළු රොටියේ මැද පිරවීමට අවශ්ය අඩුම කුඩුම ..

            1.අල(හොදින් තම්බාගත්) 150 g
            2.කැරට් 100g
            3.ගෝවා 100g
            4.බොංචි 100g
            5.කෑලි මිරිස් (කැමත්ත අනුව)
            6.ගම්මිරිස්(කැමත්ත අනුව)
            7.ලුනු කුඩු (රස අනුව)
            8.සිහින්ව කපගත් අමු මිරිස් (අවශ්ය පරිදි)
            9.සුදු ලුනු සිහින්ව කපාගත්
            10.රට ලුනු සිහින්ව කපාගත්


දැන් බලමු කොහොමද එළවලු රොටී හදාගන්නේ කියල . මුලින්ම ඔයාලා හදාගන තියෙන්නෙ පිටි මොලිය අනා ගන්න ..මොකද පිටි එක අනලා ටිකක් පිපෙන්න තිබ්බොත් හොදයි.....

මුලින්ම හොඳ පිරිසිදු වියලි භාජනයක් අරගෙන එකට පාන් පිටි එකතු කරගන්න ,එකට ලුනු කුඩු  තේ හැන්දක් එකතු කරන්න ..ඊට පස්සේ එ පිටි එකට ice වතුර  ටික ටික එකතු කර කර පිටි ටික අනාගන්න .පිටි ටික ට වතුර වැඩි කරගන්න එපා .පිටි වලට දැන්  බිත්තර 2 එකතු කරගන්න එත් එක්කම තෙල් ටිකත් එකතු කරගන්න .

ඉට පස්සෙ හොදට  අනාගන්න ,හොඳට  අත් ගහනව නම් හොඳයි. මොකද හොඳට අත් ගැහුවම තමයි පිපිලා  එන්නේ .දන් පිටි මොලිය වෙලේන්නෙ නැති වෙන්න තෙත රෙද්දක් උඩින් වහල තියන්න,එතකොට පිටි මොලිය වේලෙන්නෙ නෑ ......

දැන් අපි බලමු පිරවුම හදාගන්න විදිහ.
මුලීන්ම සිහින්ව කපාගත් සුදුලුනු,ලුනු ,රම්පේ ,කරපිංචා ,තෙල් ස්වල්පයක් තාචියකට දමා එව රන්වන් පට වෙනකන් බැදගන්න.එව බැදි සුවඳ දැනේන විට ලිපේ ගින්දර ටිකක් අඩු කරන්න ,

දැන් සිහින්ව කපාගත් කැරට් ,ගොවා ,බොංචි එම තෙම්පරාදු වට එකතු කරන්න දැන් එව හොදින් පිසගන්න .ඊටත් පස්සේ ඔය මුලින් තම්බා ගත්තු අල ටික එකතු කරන්න ,අල ටික හොදින් කලවම් කරගන්න .
දැන් වැඩෙ ඉවර වෙන්න ලඟයි ......

එකට කැලි මිරිස් ඔයගෙ රස අනුව ලූනු, එකතු කරගන්න.හොඳට පිසගත් පසු එය ලිපේන් බාගෙන එකට දෙහි යුශ තේ හැන්දක් එකතු කරගන්න.

පිටි බෝල





ට පස්සෙ අපි හදාගතු පිටි ,pinpon බෝලයක් තරමට බෝල කරගන්න,එ බෝල රොටියක් විදිහට තුනී කරගන්න ඊට පස්සේ පිරවුම මැදට දාගෙන නමාගන්න

දැන් වැඩසටහන ඉවරයි ,දැන් තියෙන්නේ රොටී තැටියක හොඳට පිසගන්න ,රස කර කර කන්න ,හැබැයි මට හොඳ නරක මට කියන්න ,comment එකක් දාන්න අමතක කරන්න එපා.......



                

ගෙදරදිම චොකලට් බෝල...( Home made Snickers Chocolate)



 







මම දන්නව ඔයාල චොක්ලට් කන්න ආසයි නෙද?කොහොමදසිනිකර් චොකලට්එකක් ගෙදරදිම  හදාගතොත්???වැඩිය අමරුත් නැ..ඔනෙ කරන්නෙ කලමන කිපයයි.හැබැයි චොකලට් දිය කරගන්න ඔනෙ.එක ටිකක් පරිස්සමෙන් කරන්න ඔනේ.මොකද චොකලට් උනුකරපු ගමන් ගල් වෙන්න බලනව .එක විතරක් නෙවෙයි ,ගිංදර වැඩි උනොත් ටක් ගාල චොකලට් කරවෙනවා.එකට පොඩි විදිහක් තියනව එකට  කියන්නෙ double boiling  කියල...



එහෙනම් අපි බලමු මොනවද මෙ චොකලට් හඩන්න ඔනෙ කියල...

1.cooking චොකලට්  400g
2.මාරී බිස්කට් 500g
3.ටින්කිරි පොඩි ටින් එකක්
4.බැදපු රටකජු 250g(තව වැඩි කලොත් තවත් රසයි)


හරි දැන් තියෙනේ හදා ගන්න...ඔයාල මුලින්ම කරන්න තියෙන්නේ මාරි බීස්කට් ටික භාජනයකට දාලා හොදින් කුඩු කරගන්න හොදට..ඉට පස්සේ රටකජු ටික වියලි තාචියකට දල හොදින් බැදගන්න.ඉටපස්සේ කජු වල පොතු හොදින් සුද්ද කරගන්න.රටකජු ටිකත් බ්ලෙන්ඩරයකට දාල කුඩු කරගන්න, ටිකක් කෑලි හැපෙන්න තිබුනොත් හොදයි.

ඊට පස්සේ ඔයලා කුඩු කරගත්ත රටකජු  සමඟ අඹරාගත්ත මාරි බිස්කට් හොදින් කලවම් කරන්න.දැන් ඔයලට කරන්න තියෙන්නෙ මම ගොඩක් කැමතිම වැඩක් ,එක තමයි ටින්කිරි ටින් එක කඩන එක ,මොකද ටින් එකේ ඉතුරු වෙන ටින්කිරි කන්න කවුද අකමැති...?

දැන් කඩාගත්ත ටින්කිරි සමඟ කුඩු කරගත්ත රටකජු සහා මාරි බිස්කට් එක්ක හොදින් කලවම් කරන්න ,ඊට පස්සේ ඒක තලපයක් හොදින් අනාගන්න.දන් මිශ්රණය පැත්තකින් තියගන්න ටික වෙලාවක...

දන් තමයි පොඩ්ඩක් අමාරු වඩේ තියෙන්නේ...චොකලට් දිය කරගන්න එක ...sorry sorry මට අමතක උනා චොකලට් දිය කරගන්න ඉස්සලා අපි හදාගත්ත බිස්කට්,ටින්කිරි,රටකජු මිශ්රණයෙන් පොඩි පොඩි බොල හඩගන්න.ඉට පස්සේ තමයි cooking චොකලට් ටික දිය කරගන්න ඔනේ ..

Cooking චොකලට් දියකරගන්න double boiling  කියන ක්රමයට මෙක උනු කරගන්න ඔනෙ ...මම මෙක කරන හැටි ඔයලට බලගන්න video එකක් දාන්නම් ...

ඔයලා උනුකරගත් චොකලට් ඉක්මනට ගල් විම වලක්වගන්න ඔයාල චොකලට් රත් කරනකොට බටර් ස්වල්පයක් එකතු කරගන්න එතකොට cooking චොකලට් ටික ගල් වෙන එක පොඩ්ඩක් හෙමින් සිද වෙයි...
දන් බොහොම  ඉක්මනින් ඔයලා හදාගත්ත බොලටික චොකලට් වල ගිල්ලලා බටර් ටිකක් ගාපූ තැටියක් මත වෙලෙන්න හරින්න...



විනාඩි 10 විතර refrigerator එකේ තියල snickers චොකලට් කන්න පුලුවන්.....