බස් එකේ අත කකුල මාරු වෙලා යන ඒ වෙලාවේ මට බස් එකේ දාල තිබුනු රේඩියෝ නාලිකාවෙ කියන දෙවල් ගැන අවධානය දෙන්න හිතුනේ බොහොම කලාතුරකින් අහන්නට ලැබෙන ගීත කිපයක්ම මට අහන්න ලැබුන නිසා ,මම හිතන්නෙ ඒ වෙලාවෙ දාල තිබුනෙ ශ්‍රී ලංකා ගුවන් විදුලිය වෙන්න ඔනේ..!!!!!
මට ඇහුනු විදිහට අවශ්‍ය ද්‍රව්‍ය උනෙ මේවායි...
1) ටින් කිරි පොඩි ටින් 1
2) ජෙලි පැකට් 1 (100 g)
3) යෝගට් 2
4) වැනිලා තේ හැදි 1/2
මේ පුඩින් එක හදන්න නම් මාර ලේසියි ,මුලින්ම කරන්න ඕනෙ ජෙලි පැකට් එක හදාගන්න ..හරි මම එකත් හදා ගන්න විදිහ කියන්නම්කෝ..
වතුර පිරිසි කොප්ප 2 1/4 (දෙකයි කාලක්) හොදින් නටවා ගන්න,ඊට පස්සේ ඒ වතුරට ජෙලි පැකට් එකේ තියෙන කුඩු මිශ්‍රණය එකතු කරගෙන හොඳට දිය කරගන්න .ඊට පස්සෙ ඒ මිශ්‍රණය හොදින් නිවෙන්න හරින්න ..
දැන් ඉතින් කරන්න තියෙන්නේ අපි දිය කරගත්ත ජෙලි
එකට ටින් කිරි ටින් එක එකතු කරල කවලම් කරගන්න .
ඊට පස්සේ ඒ මිශ්‍රණය Blender එකට දාන්න.ඊලඟට අපි ගත්ත යෝගට් කෝප්ප 2 ත් එකතු කරගන්න ..දැන් ඒ මිශ්‍රණය හොදින් Blend කරගන්න..පෙන නගින තුරු විනාඩි 5ක් පමන blend කරගන්න ..Blend කරගන්න අතරතුර වැනිල ටිකත් මිශ්‍රකරගන්න ...දැන් ඊළඟට කරන්න තියෙන්නෙ අවසන් පියවර....දැන් අපි හදාගත්තු මිශ්‍රනය bowl එකකට දාලා set වෙනකන් ශිතකරණයේ තියන්න...
මම මේ pudding එක හදලා බැලුවා හරිම රසයි ..ඔයාලත් හදලා බලන්න ..හොඳ නරක මට කියන්න ...

2 comments: